Ultimate magazine theme for WordPress.

පාන්ඩ්යා මුම්බායි පිලට, ග්‍රීන් RCB යයි ; ගුජරාට් ටයිටන්ස් නව නායකයා මෙන්න

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකයා ලෙස පසුගිය තරග වාර දෙකේ දී කටයුතු කළ හර්ඩික් පාන්ඩ්යා යළිත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග එක්වී ඇති බව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධායකයින් මේ වන විට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ, 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර සියලු කණ්ඩායම් විසින් සිය සංචිතවල රදවා ගත් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ද ඊයේ (26) නිවේදනය කෙරුණු පසුබිමකයි.

එම නම් ලැයිස්තුවට අනුව හර්ඩික් පාන්ඩ්යා සිය සංචිතයේ රදවා ගත් ක්‍රීඩකයින් අතරට ඇතුළත් කිරීමට ටයිටන්ස් කණ්ඩායම පියවර ගෙන තිබුණා. කෙසේ වෙතත්, ක්‍රීඩකයින්ව ගණුදෙනු කිරීම සදහා කණ්ඩායම්වලට ලබා දී ඇති කාලය තවමත් අවසන් වී නැහැ.

ඉන්දීය රුපියල් කෝටි 15 ක මුදලකටයි හර්ඩික් පාන්ඩ්යා යළි මිලදී ගැනීමට මුම්බායි කණ්ඩායම කටයුතු කර ඇත්තේ.

මෙම ගණුදෙනුවට අමතරව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙත අලෙවි කිරීමක් ද සිදුව තිබෙනවා.

ඔහුව ඉන්දීය රුපියල් කෝටි 17.5 ක මුදලකට මුම්බායි කණ්ඩායම පසුගිය තරග වාරය වෙනුවෙන් මිලදී ගත් අතර, එම කණ්ඩායම වෙනුවෙන් තරග 16 කදී ලකුණු 452 ක් ද, කඩුලු 6 ක් ද දවා ගැනීමට කැමරන් ග්‍රීන් සමත් වුණා.

ටයිටන්ස් කණ්ඩායමේ පළමු අයි.පී.එල් අදියර වූ 2022 තරගාවලියේ දී හර්ඩික් පාන්ඩ්යාගේ නායකත්වය යටතේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අයි.පී.එල් ශූරයින් බවට පත් වූ අතර, 2023 තරගාවලියේ අනුශූරයින් බවට පත් වුණා.

පාන්ඩ්යා 2015 වසරේ දී මුම්බායි කණ්ඩායම සමග එක් වුණේ ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මුදලකටයි.

ඒ අනුව 2015, 2017, 2019 හා 2020 වසරවලදී අයි.පී.එල් ශූරතාවය දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ඔහු කටයුතු කළා.

මේ අතර, හර්ඩික් පාන්ඩ්යා මුම්බායි පිල සමග යළි එක්වීමත් සමග පුරප්පාඩු වූ ගුජරාට් ටයිටන්ස් නායකත්වයට ෂුබ්මන් ගිල් පත් කර තිබෙනවා.

Gujarat Titans – Retained Players: Abhinav Sadarangani, B. Sai Sudharsan, Darshan Nalkande, David Miller, Jayant Yadav, Joshua Little, Kane Williamson, Matthew Wade, Mohammad Shami, Mohit Sharma, Noor Ahmad, R. Sai Kishore, Rahul Tewatia, Rashid Khan, Shubman Gill, Vijay Shankar, Wriddhiman Saha

Mumbai Indians – Retained Players: Akash Madhwal, Arjun Tendulkar, Dewald Brevis, Ishan Kishan, Jason Behrendorff, Jasprit Bumrah, Kumar Kartikeya Singh, N. Tilak Varma, Nehal Wadhera, Piyush Chawla, Rohit Sharma, Romario Shepherd (T), Shams Mulani, Surya Kumar Yadav, Tim David, Vishnu Vinod, Hardik Pandya (T)

Royal Challengers Bangalore – Retained Players: Akash Deep, Anuj Rawat, Dinesh Karthik, Faf Du Plessis, Glenn Maxwell, Himanshu Sharma, Karn Sharma, Mahipal Lomror, Manoj Bhandage, Mayank Dagar (T), Mohammed Siraj, Rajan Kumar, Rajat Patidar, Reece Topley, Suyash Prabhudessai, Virat Kohli, Vyshak Vijay Kumar, Will Jacks, Cameron Green (T)