Ultimate magazine theme for WordPress.

පාකිස්තාන හිටපු නායිකාව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

පාකිස්තාන කාන්තා කණ්ඩායමේ හිටපු නායිකාවක වන Javeria Khan ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

වසර 16 කට ආසන්න කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටි‌යේ රැදී සිටි ඇය එහිදී තරග 228 ක් පාකිස්තානය නියෝජනය කරමින් ක්‍රීඩා කළා.

ජාත්‍යන්තර එක්දින හා විස්සයි 20 පිටියේ දී ඇය රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 4903 ක්.

Javeria එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ 2008 වසරේ දී යි. ඇය 2009, 2013, 2017 හා 2022 වසරවල පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ද ක්‍රීඩා කළා.

ඇය විසින් පාකිස්තාන කාන්තා කණ්ඩායම විස්සයි 20 තරග 16 කදී හා එක්දින තරග 17 කදී මෙහෙයවනු ලැබුවා.

Leave a comment