Ultimate magazine theme for WordPress.

පාකිස්තාන සුපර් ලීග් ශූරතාවය කාටද? අවසන් මහා තරගය අද

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(18) පැවැත්වෙනවා.

ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම හා මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 9.30 ට කරච්චි හී දී ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලියේ මූලික වටයේ දී තරග 10 කින් තරග 7ක් ජය ගත් මුල්තාන් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගත් අතර, ඉස්ලාමාබාද් කණ්ඩායම තරග 5ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමි කර ගත්තා.

අවසන් වටයේ පළමු තරගයේ දී (Qualifier) පෙෂාවර් සල්මි කණ්ඩායම පරදා කඩුලු 7ක ජයක් ලබමිනුයි මුල්තාන් කණ්ඩායම අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ.

අවසන් වටයේ දෙවැනි තරගයෙන් (Eliminator 1) ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා ලකුණු 39 ක ජයක් ද, අවසන් වටයේ තෙවැනි තරගයෙන් (Eliminator  2) පෙෂාවර් සල්මි කණ්ඩායම පරදා කඩුලු පහක ජයක් ද ලබමින් ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම අවසන් තරගයේ සිය ස්ථානය වෙන් කර ගත්තා.

යුනයිටඩ් කණ්ඩායම මීට පෙර අවස්ථා දෙකකදී (2016, 2018) PSL ශූරතාවය දිනා ඇති අතර, මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම 2021 වසරේ දී PSL ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා.

Leave a comment