Ultimate magazine theme for WordPress.

පාකිස්තානයට නව පුහුණුකරුවන් දෙදෙනෙක්

නවසීලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලි සදහා පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස Grant Bradburn පත් කර තිබෙනවා.

Andrew Puttick පිතිකරණ පුහුණුකරු ලෙස පත් කර ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ. තාවකාලික පදනම මත මෙම පත් කිරීම් සිදු කර තිබෙනවා.

නවසීලන්ත තරගාවලියෙන් පසුව කණ්ඩායමේ පුහුණුකරු ධූරයන් භාර ගන්නා පුද්ගලයින්ගේ නම් ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

2018 වසරේ දී Grant Bradburn පාකිස්තාන කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, අනතුරුව ඉහළ කාර්යය සාධන පුහුණුකරු ප්‍රධානියා ලෙස ද 2021 වසර දක්වා ඔහු කටයුතු කළා.

Abdul Rehman පාකිස්තාන කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසත්, Umar Gul පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත් කටයුතු කරනවා.

Leave a comment