Ultimate magazine theme for WordPress.

ප්‍රබලයින් රැසක් ඉවත් කරමින් LPL කණ්ඩායම් පහේ සංචිත තෝරා අවසන් කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (Player draft) (කෙටුම්පත් කිරීම) මේ වන විට අවසන්ව තිබෙනවා.

ඒ අනුව තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් 5 විසින් සිය සංචිතය තෝරා ගෙන අවසන්.

එක් සංචිතයකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සමගින් ඇතුළත්ව ඇති සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 20ක්.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන අංශ ප්‍රධානී අරුණ ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න, දූෂණ මර්ධන අංශ ප්‍රධාලී තේජක වනිගසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු සිදු කෙරුණා.

ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව සඳහා කණ්ඩායම් හිමිකරුවන්, පුහුණුකරුවන් සහ හිමිකාරීත්වය විසින් නම් කරන ලද පාර්ශ්වයන් සහභාගී වී සිටියා.

මාර්ගගත ක්‍රමවේදයක් ඔස්සේයි මෙම කටයුතු සිදු කෙරුණා.

මෙම ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවේ දී කිසිදු කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයින් වන කුසල් ජනිත් පෙරේරා, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා 20යි 20 කණ්ඩායමේ උප නායක ධනංජය ද සිල්වා මෙන්ම අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම හා මිනෝද් භානුක යන ක්‍රීඩකයින් සිය කණ්ඩායම් සදහා තෝරා නොගැනීම විශේෂත්වයක්.

ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න හා ළහිරු තිරිමාන්න ද කිසිදු කණ්ඩායමකට ඇතුළත් නැහැ.

  • ජැෆ්නා කිංග්ස් –

තිසර පෙරේරා, වනිඳු හසරංග, වහාබ් රියාස්, ෆෆ් ඩු ප්ලෙසිස්, ෂොයිබ් මලික්, උස්මාන් ශින්වාරි, රාමනල්ලා ගුර්බාස්, අවිශ්ක ප්‍රනාන්දු, උපුල් තරංග, චතුරංග ද සිල්වා, ජෙඩ්න් සීල්ස්, සුරංග ලක්මාල්, අෂේන් බණ්ඩාර, මහීෂ් තීක්ෂණ, චාමික ගුණසේකර, විජයකාන්ත් වියස්කාන්ත්

අතිරේක ක්‍රීඩකයින් – දේවේන්ද්‍රන් දිනූෂන්, අෂේන් රන්දික, රත්නරාජ් තේනුරාදන්, ක්‍රිෂාන් සංජුල

  • කලම්බු ස්ටාර්ස් –

ක්‍රිස් ගේල්, දුෂ්මන්ත චමීර, අහමඩ් ශේසාඩ්, ඩිල්ෂාන් මුණවීර, මොහොමඩ් ඉර්ෆාන්, අල් අමීන් හොසේන්, ටස්කින් අහමඩ්, පැතුම් නිස්සංක, ලක්ෂාන් සදකැන්, සීක්කුගේ ප්‍රසන්න, මන්ප්‍රීට් සිං, ගිහාන් රූපසිංහ, ළහිරු ගමගේ, ටී.එම් සම්පත්, නුවනිදු ප්‍රනාන්දු, ජෙහාන් ඩැනියෙල්

අතිරේක ක්‍රීඩකයින් – මළිදු මදුරංග, නලීන් ප්‍රියදර්ශන, හෂාන් දුමිදු, කබිල් රාජ්

  • ගෝල් ග්ලැඩියේටර්ස් –

මොහොමඩ් හෆීස්, ඉසුරු උදාන, ටැබ්රයිස් ශම්සි, කුසල් මෙන්ඩිස්, මොහොමඩ් අමීර්, සමිත් පටෙල්, සෆ්‍රාස් අහමඩ්, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, ධනංජය ලක්ෂාන්, අන්වර් අලී, පුලින තරංග, නුවන් තුෂාර, ළහිරු මදුෂංක, දිල්ෂාන් මදුෂංක, අෂේන් ඩැනියෙල්

අතිරේක ක්‍රීඩකයින් – කෙවින් කොත්තිගොඩ, මොහොමඩ් ශමාස්, සුමින්ද ලක්ෂාන්, ඇන්ජෙලෝ ජයසිංහ

  • කැන්ඩි වොරියර්ස් –

රොව්මන් පවෙල්, චරිත් අසලංක, කැමරන් ඩෙල්පොට්, ළහිරු කුමාර, මොහොමඩ් මිතුන්, නස්මුල් ඉස්ලාම් අපු, මෙහෙදි හසන් රානා, ඇන්ජෙලෝ පෙරේරා, අසේල ගුණරත්න, මිලින්ද සිරිවර්ධන, අම්ජාඩ් ඛාන්, ඉෂාන් ජයරත්න, බිනුර ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, කමිල් මිෂාර, අයන් සිරිවර්ධන

අතිරේක ක්‍රීඩකයින් –  නිමේෂ් විමුක්ති, උදාර ජයසුන්දර, ශෂික දුල්ෂාන්, කල්හාර සේනාරත්න

  • දඹුල්ල ජයන්ට්ස් –

ඉම්රාන් තහීර්, දසුන් ශානක, රයිලි රොසව්, චාමික කරුණාරත්න, ෂොයෙබ් මක්සූඩ්, ඔඩියන් ස්මිත්, ජොෂ් ලිට්ල්, නිරෝෂන් දික්වැල්ල, නුවන් ප්‍රදීප්, රමේෂ් මෙන්ඩිස්, නජිබුල්ලාහ් සඩ්රාන්, තරිදු රත්නායක, ළහිරු උදාර, සාෂා සෙනවිරත්න, මුදිත ලක්ෂාන්, කලන පෙරේරා

අතිරේක ක්‍රීඩකයින් – සචිත ජයතිලක, මදුෂාන් රවිචන්ද්‍රකුමාර්, ජනිත් ලියනගේ, චාමිකර එදිරිසිංහ