ප්‍රහාරාත්මක වේගයෙන් පැතුම් නිස්සංක 4 වැනි තැනට

පැතුම් නිස්සංකගේ වේගවත් ශතකය හමුවේ එංගලන්ත තරග සංචාරයට සැනසුම්දායක අවසානයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ හැකි වුණා.
ඒ, දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු අටක ජයක් වාර්තා කරමින්.
මෙම ජයත් සමග වාර්තා කිහිපයක්ම අලුත් වූ අතර, ඉන් වාර්තා කිහිපයක් පිළිබද තොරතුරු අප මීට පෙර වාර්තා කළා.
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේ දී තරගය ජය ගැනීම සදහා වාර්තා කළ ලකුණු 219 ඉතිහාසගත වුණේ එංගලන්තයේ දී සිව්වැනි ඉනිමේ දී ආසියානු කණ්ඩායමක් තරගයක් ජය ගැනීම සදහා සාර්ථක ලෙස හඹා ගිය ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
එමෙන්ම ටෙස්ට් ඉතිහාසයේ දී එක් ටෙස්ට් තරගයක ඉනිම් දෙකේ දී ම පන්දු 50 ට අඩුවෙන් අර්ධ ශතක වාර්තා කළ ලොව 9 වැනි පිතිකරුවා ලෙස පැතුම් නිස්සංක ද ඉතිහාසගත වුණා.
මේ අතර, ටෙස්ට් තරගයක සිව්වැනි ඉනිමේ දී සාර්ථක ලෙස කණ්ඩායමක් ලකුණු සංඛ්‍යාවක් හඹා යාමේ දී එම කණ්ඩායම වෙනුවෙන් ඉහළම ප්‍රහාරාත්මක වේගයක් සහිතව ශතක රැස් කළ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය හිමි කර ගැනීමට ද පැතුම් සමත්ව තිබෙනවා.
පැතුම් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී නොදැවී ලකුණු 127 ක් රැස් කළේ පන්දු 124 කින්. එම ඉනිමේ ප්‍රහාරාත්මක වේගය සටහන් වුණේ 102.41 ක් ලෙසයි.
එංගලන්තයේ ජොනී බෙයාර්ස්ටව් 2022 වසරේ දී නවසීලන්තයට එරෙහිව සිව්වැනි ඉනිමේ දී 147.82 ක ප්‍රහාරාත්මක වේගයක් සහිතව ශතකයක් රැස් කර තිබූ අතර, සාර්ථක හඹා යාමකදී පිතිකරුවෙකු ඉහළම ප්‍රහාරාත්මක වේගයක් සහිතව රැස් කළ ශතකය වන්නේ එම ශතකයයි.
එම වේගවත් ශතක ලැයිස්තුව පහතින් –
One of only five fourth-innings hundreds in Test history that came at a strike-rate of more than 100 in a successful run-chase 💯🔥
More on Pathum Nissanka’s special and Sri Lanka’s win 👉 https://t.co/v4L1ojGLCp#ENGvSL | #WTC25 pic.twitter.com/ytkNdntQVN
— ICC (@ICC) September 10, 2024