Ultimate magazine theme for WordPress.

ප්‍රවේශ පත්‍ර මිලදී ගන්න ජන ගගක් – පළමු T20 තරගයේ ප්‍රවේශ පත්‍ර අලෙවිය අවසන් වෙයි

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අලෙවි වී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව පළමු 20යි 20 තරගය වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සදහා ප්‍රවේශ පත්‍ර කවුළු වෙත නොපැමිණෙන ලෙසයි ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

දෙරට අතර පැවැත්වෙන පළමු පන්දුවාර 20යි 20 තරගය එළඹෙන 17 වැනිදා දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත්, එළඹෙන 19 වැනිදා හා 21 වැනිදා පැවැත්වීමට නියමිත දෙවැනි හා තෙවැනි 20යි 20 තරග සදහා වන ප්‍රවේශ පත්‍ර තවදුරටත් මිලදී ගැනීමේ අවස්ථාව පවතිනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.srilankacricket.lk වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එමෙන්ම කොළඹ විද්‍යා මාවතේ පිහිටි ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් ද, රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙන් ද, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් ද ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

දඹුල්ල ක්‍රීඩාංගනයෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි වන්නේ තරග නොවැපැත්වෙන දිනවලදීයි. තරග පැවැත්වෙන දිනවලදී දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කවුළුව ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.

Leave a comment