Ultimate magazine theme for WordPress.

ප්‍රබලයින් දෙදෙනෙකු ඉවතට ; නවකයින් 5 දෙනෙකු සමග එංගලන්ත සංචිත නම් කෙරේ

ඔස්ට්‍රේලියාව සමග ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලි සදහා වන එංගලන්ත සංචිත නම් කර තිබෙනවා.

සංචිත සදහා මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 5 දෙනෙකු නම් කර තිබීම විශේෂත්වයක්.

එනම්, Jacob Bethell, Dan Mousley, Jordan Cox, John Turner හා Josh Hull යන ක්‍රීඩකයින්.

ජොනී බෙයාර්ස්ටව් හා මොයීන් අලී එක්දින හා විස්සයි 20 සංචිත දෙක සදහාම නම් කර නොතිබීම කැපී පෙනෙනවා.

ක්‍රිස් ජෝර්ඩන්, ටොම් හාර්ට්ලි හා රෙහාන් අහ්මඩ්ට ද සංචිතවල ස්ථානයක් වෙන්ව නොමැති අතර, ආබාධයකට ලක් වූ මාර්ක් වුඩ්ට ද මෙම සීමිත පන්දුවාර තරගාවලි අහිමි වී තිබෙනවා.

ජොෆ්ර ආචර් සංචිත දෙක සදහාම නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ජොස් බට්ලර් සුපුරුදු පරිදි කණ්ඩායම මෙහෙයවන අතර, මෙම තරගාවලියන්හී දී වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මර්කස් ට්‍රෙස්කොතික්.

එංගලන්ත – ඔස්ට්‍රේලියා තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලිය සැප්තැම්බර් 11 වැනිදා සිට ආරම්භ වන අතර, තරග 5 කින් යුත් එක්දින තරගාවලිය සැප්තැම්බර් 19 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

England T20I squad: Jos Buttler (c), Jofra Archer, Jacob Bethell, Brydon Carse, Jordan Cox, Sam Curran, Josh Hull, Will Jacks, Liam Livingstone, Saqib Mahmood, Dan Mousley, Adil Rashid, Phil Salt, Reece Topley, John Turner

England ODI squad: Jos Buttler (c), Jofra Archer, Gus Atkinson, Jacob Bethell, Harry Brook, Brydon Carse, Ben Duckett, Josh Hull, Will Jacks, Matthew Potts, Adil Rashid, Phil Salt, Jamie Smith, Reece Topley, John Turner