Ultimate magazine theme for WordPress.

ප්‍රබලයින් දෙදෙනෙකුට දකුණු අප්‍රිකා ජාතික කොන්ත්‍රාත්තු අහිමි වෙයි

2024-25 තරග වාරය සදහා ජාතික කොන්ත්‍රාත්තු ලබා දුන් ක්‍රීඩකයින් ලැයිස්තුව දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව නන්ඩ්‍රි බර්ගර් හා ටෝනි ද සොර්සි පළමු වරට ජාතික කොන්ත්‍රාත්තු හිමි කර ගෙන තිබීම විශේෂත්වයක්.

ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ ද යළිත් කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩකයින් අතරට ඇතුළත්ව තිබෙනවා.

පසුගිය තරග වාරයට සාපේක්ෂව මෙවර තරග වාරය සදහා කොන්ත්‍රාත් ලබා දුන් ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 20 සිට 18 දක්වා අඩු කර තිබෙනවා.

ඒ අනුව ක්වෙන්ටන් ඩී කොක්, අන්රික් නොකියා, සිසන්ඩ මගාලා, වේන් පාර්නෙල්, කීගන් පීටර්සන් හා විශ්‍රාම ගත් ඩීන් එල්ගර් එළඹෙන තරග වාරය වෙනුවෙන් කොන්ත්‍රාත් ගිවිසුම් හිමි වූ ක්‍රීඩකයින් අතරට ඇතුළත්ව නැහැ.

ඩී කොක් 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව එක්දින ජාත්‍යන්තර පිටියෙන් සමු ගත් නමුත්, ඔහු තවදුරටත් විස්සයි 20 ජාත්‍යන්ත තරග සදහා ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසුවනවා.

කෙසේ වෙතත්, කොන්ත්‍රාත් ගිවිසුම්වලින් ඔහුව ඉවත් කිරීමත් සමග 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ඔහුගේ සහභාගීත්වය ද අවිනිශ්චිත මට්ටමකට පත්ව තිබෙනවා.

අන්රික් නොකියා අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී යි. අනතුරුව පිට කොන්දේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට ක්‍රිකට් පිටියෙන් සැලකිය යුතු කාලයක් ඉවත්ව සිටීමට සිදු වුණා.

පසුගිය තරග වාරය අතරතුර දී ජාතික කොන්ත්‍රාත් ගිවිසුමක් හිමි වූ ජෙරාල්ඩ් කොට්සියා කොන්ත්‍රාත් ක්‍රීඩක ලැයිස්තුවේ සිය ස්ථානය රැක ගෙන තිබෙනවා.

Men’s contracts

Temba Bavuma, Nandre Burger, Gerald Coetzee, Tony de Zorzi, Bjorn Fortuin, Reeza Hendricks, Marco Jansen, Heinrich Klaasen, Keshav Maharaj, Aiden Markram, David Miller, Lungi Ngidi, Andile Phehlukwayo, Kagiso Rabada, Ryan Rickelton, Tabraiz Shamsi, Tristan Stubbs, and Rassie van der Dussen.

Women’s contracts

Anneke Bosch, Tazmin Brits, Nadine de Klerk, Lara Goodall, Ayanda Hlubi, Sinalo Jafta, Marizanne Kapp, Ayabonga Khaka, Masabata Klaas, Suné Luus, Eliz-Mari Marx, Nonkululeko Mlaba, Tumi Sekhukhune, Chloe Tryon, Delmi Tucker, and Laura Wolvaardt.