Ultimate magazine theme for WordPress.

ප්‍රංශ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ස්ත්‍රී දූෂණ චෝදනා

ප්‍රංශයේ ජාත්‍යන්තර රග්බි ක්‍රීඩකයින් දෙදෙනෙකුට කාන්තාවක් දූෂණය කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

ආර්ජන්ටිනාවේ පැවැති තරගයකින් අනතුරුව ඔවුන් දෙදෙනා විසින් 39 හැවිරිදි කාන්තාවක් හෝටල් කාමරයකදී දූෂණයට ලක් කර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

20 හැවිරිදි Hugo Auradou හා 21 හැවිරිදි Oscar Jegou යන ක්‍රීඩකයින් දෙදෙනාට එරෙහිව මෙලෙස චෝදනා එල්ල වී තිබෙනවා.

ඔවුන් දෙදෙනා තමාව කිහිපවරක්ම දූෂණයට ලක් කළ බවටත්, තමාට පහර දුන් බවටත්, අදාළ කාන්තාව විසින් පවසා ඇති බව සදහන්.

මෙම චෝදනාවට ප්‍රතිචාර දක්වමින් අදාළ ක්‍රීඩකයින් දෙදෙනා සදහන් කර ඇත්තේ ඔවුන් එම කාන්තාවගේ කැමැත්තෙන් ලිංගිකව එක් වීමක් සිදු වූ නමුත්, ස්ත්‍රී දූෂණයක් සිදු කළ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

ඔවුන් දෙදෙනා තවදුරටත් පොලිස් අත්අඩංගුවේ පසුවන අතර, බලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

පසුගිය සෙනසුරාදා ප්‍රංශය හා ආර්ජන්ටිනාව අතර අදාළ තරගය ආර්ජන්ටිනාවේ දී පවත්වා තිබූ අතර, එම තරගයෙන් ප්‍රංශය ජය වාර්තා කළා.