පළමු T20 තරගයෙන් ඉන්දියාව පරදා සිම්බාබ්වේ පිලට ලකුණු 13 ක තියුණු ජයක්
Match Report

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 13 ක තියුණු ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද(6) සමත් වුණා.
හරාරේ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 115 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 102 ක් පමණයි.
නායක ෂුබ්මන් ගිල් ලකුණු 31 ක් ලබා ගත් අතර, අවේශ් ඛාන් ලකුණු 16 යි. වොෂින්ටන් සුන්දර් ලකුණු 27 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට හුදෙකලා සටනක නිරත වූ නමුත් එය සාර්ථක වූයේ නැහැ.
පන්දු යැවීමේ දී සිකන්ඩ රාසා ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ටෙන්ඩයි චටාරා ලකුණු 16 කට කඩුුලු 3 ක් දවා ගත්තා.
පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Clive Madande නොදැවී ලකුණු 29 ක් හා Dion Myers ලකුණු 23 ක් ලබා ගත්තා. Brian Bennett ලකුණු 22 කටත්, Wessly Madhevere ලකුණු 21 කටත් දැවී ගියා.
පන්දු යැවීමේ දී රවී බිෂ්නෝයි නිලකුණු පන්දුවාර 2 ක් ද සමගින් ලකුණු 13 කට කඩුලු 4 ක් දවා ගත්තා. වොෂින්ටන් සුන්දර් කඩුලු දෙකක් දවා ගත්තේ ලකුණු 11 ක් ලබා දෙමින්.