Ultimate magazine theme for WordPress.

පළමු 20යි 20 තරග දෙකේ ප්‍රවේශ පත්‍ර සියල්ල අලෙවි වී අවසන්

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග දෙකේ ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, අදාළ තරගාවලිය සදහා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම අද පෙරවරුවේ ආරම්භ වූ පසුබිමකයි.

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා 20යි 20 තරගාවලියට තරග 3ක් ඇතුළත් අතර, පළමු තරග දෙක එළඹෙන 7 වැනිදා හා 8 වැනිදා පැවැත්වීමට නියමිතයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී එම තරග පැවැත්වෙන අතර, තෙවැනි 20යි 20 තරගය එළඹෙන 11 වැනිදා පැවැත්වෙන්නේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී යි.

මේ අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ මෙම තරග සංචාරයට සමගාමීව ඔස්ට්‍රේලියානු A කණ්ඩායම ද මෙරට තරග සංචාරයක නිරත වන අතර, ඔස්ට්‍රේලියානු A කණ්ඩායමේ සාමාජිකයින් අද අලුයම දිවයිනට පැමිණියා.

මෙම තරග සංචාරයේ දී ඔස්ට්‍රේලියානු A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර එක්දින තරග 2ක් හා සිව්දින තරග 2ක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරග දෙක කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, සිව්දින තරග දෙක හම්බන්තොටදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු එක්දින තරගය ජූනි 8 වැනිදා පැවැත්වෙනවා. පළමු සිව්දින තරගය ආරම්භ වන්නේ ජූනි 14 වැනිදා යි.

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග කාලසටහන –

SLC