Ultimate magazine theme for WordPress.

පළමු දිනයට වැස්සෙන් බාධා – ඔස්ට්‍රේලියාව 187/3

Day 1 Report

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද(26) බොක්සිං දින ටෙස්ට් තරගයක් ලෙස මෙල්බර්න් හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ. වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ දී ක්‍රියාත්මක වූයේ පන්දුවාර 66 ක් පමණයි.

දිනය නිමා වන විට ඔස්ට්‍රේලියාව කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 187 ක්. ආරම්භක කඩුල්ල සදහා ඩේවිඩ් වෝනර් හා උස්මාන් කවාජා අතර ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 90 ක්.

වෝනර් ලකුණු 38 කට දැවී ගිය අතර, කවාජා ලකුණු 42 ක් රැස් කළා. ස්ටීවන් ස්මිත් දැවී ගියේ ලකුණු 26 ක් ලබා සිටියදීයි.

මර්නස් ලබුෂේන් නොදැවී ලකුණු 44 ක් හා ට්‍රැවිස් හෙඩ් නොදැවී ලකුණු 9 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී හසන් අලී, ආමර් ජමාල් හා ආගා සල්මාන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 360 ක ජයක් වාර්තා කළ ඔස්ට්‍රේලියාව මේ වන විට තරග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.