Ultimate magazine theme for WordPress.

පළමු කඩුල්ලේ ශතක සබදතා තුළින් ශ්‍රී ලංකාවෙන් ලෝක වාර්තාවක්

2018 වසරේ සිට ටෙස්ට් තරගවල වැඩිම අවස්ථා ගණනක දී ආරම්භක කඩුල්ල සදහා ශතක සබදතාවයන් ගොඩ නගා ඇති රට බවට ශ්‍රී ලංකාව තවදුරටත් පත්ව තිබෙනවා.

ඒ, ශතක සබදතා 7ක් ගොඩ නගමින්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද(21) ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දී ද ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ පැතුම් නිස්සංක හා දිමුත් කරුණාරත්න ශතක සබදතාවයක් ගොඩ නැගුවා.

තරග 31කදීයි ශ්‍රී ලංකාව ආරම්භක කඩුල්ල සදහා මෙලෙස ශතක සබදතා 7ක් පිහිටුවා ඇත්තේ.

2018 වසරේ සිට වැඩිම ශතක සබදතා පිහිටුවා ඇති රටවල් අතර දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව, එංගලන්තය හා නවසීලන්තය සමත්ව තිබෙනවා.

ඒ, ශතක සබදතා 4 බැගින් වාර්තා කරමින්.

ඔස්ට්‍රේලියාව තරග 27කදී ද, එංගලන්තය තරග 46කදී ද, නවසීලන්තය තරග 25කදී ද අදාළ ශතක සබදතා ප්‍රමාණය ආරම්භක කඩුල්ල සදහා ගොඩ නගා තිබුණා.

ඉන්දියාව හා පාකිස්තානය ආරම්භක කඩුල්ල සදහා මෙම කාලයේ දී ගොඩ නගා ඇත්තේ ශතක සබදතා 3 බැගින් පමණයි.

 

Leave a comment