Ultimate magazine theme for WordPress.

පන්දුවෙන් හා පිත්තෙන් නරේන් දැක් වූ දක්ෂතා ඕවල් පිලට තියුණු ජයක් ගෙනෙයි

Match Report

Sunil Narine පිතිකරණයෙන් හා පන්දු යැවීමෙන් දැක් වූ දක්ෂතා හමුවේ එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් London Spirit කණ්ඩායම පරදා කඩුලු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට Oval Invincibles කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඕවල් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ලන්ඩන් කණ්ඩායම පන්දු සියය අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 131 ක් රැස් කළා.

Adam Rossington ලකුණු 39 ක් ලබා ගත් අතර, Matthew Wade ලකුණු 37 යි. Dan Lawrence ලකුණු 24 කට දැවී ගියා.

Nathan Sowter ලකුණු 34 කට කඩුලු 3 ක් දවා ගත්තා. Sunil Narine කඩුලු 2 ක් බිද හෙලුවේ ලකුණු 14 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕවල් කණ්ඩායම පන්දු 99 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Sam Curran ලකුණු 34 ක් රැස් කළ අතර, Sam Billings ලකුණු 25 ක් හා Jordan Cox ලකුණු 22 ක් ලබා ගත්තා.

Sunil Narine පන්දු 5 කින් නොදැවී ලකුණු 13 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට ජය තහවුරු කර දුන්නා. අවසන් පන්දු 5 තුළ දී තරගය ජය ගැනීමට ලකුණු 15 ක් අවශ්‍යව තිබූ පසුබිමකයි ඔහු හයේ පහරක් හා හතරේ පහරක් ද එල්ල කරමින් ඕවල් පිල ජයග්‍රහනය කරා රැගෙන ගියේ.

පන්දු යැවීමේ දී Daniel Worrall, Jordan Thompson හා Nathan Ellis කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Leave a comment