“පටන් ගත්ත තැනට වඩා අද ශ්‍රී ලංකාව හොද තැනක” : මිකී ආතර් සමු දීම තහවුරු කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඇති කොන්ත්‍රාත් ගිවිසුම් කාලය නිමා වීම හේතුවෙන් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු නොකරන බව වත්මන් පුහුණුකරු මිකී ආතර් පවසනවා.
ඒ අනුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ක්‍රීඩකයින්ට සහ මෙරට ප්‍රේක්ෂකයින්ට ස්තූතිය පල කිරීමටයි කටයුතු කර ඇත්තේ.
තමා පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම භාර ගන්නා අවස්ථාවට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඉහළ මට්ටමක සිටින බව ද මිකී ආතර් සදහන් කළා.
“මේ විශිෂ්ඨ රටේ පුහුණුවීම් කළ සෑම මිනිත්තුවකටම මම ආදාරය කරනවා” යනුවෙන් ඔහු කියා සිටියා.
මේ අතර, මිකී ආතර් සිය කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානියා ලෙස (Head of Cricket) පත් කළ බව බ්‍රිතාන්‍යයේ ඩර්බිෂයර් කණ්ඩායම අද(17) නිවේදනය කළා.
Sad that it is the end of the road with SL after the WI test series!I have loved every minute of coaching this great country!To the players and people of SL a big thank you!
I know SL cricket is in a better place now than when I started!— Mickey Arthur (@Mickeyarthurcr1) November 17, 2021