Ultimate magazine theme for WordPress.

නොකියා ටෙස්ට් සංචිතයෙන් නිදහස් කරයි

දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක අන්රික් නොකියා බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් සංචිතයෙන් නිදහස් කිරීමට තීරණය කළ බව දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔහු සුළු ආබාධ තත්ත්වයකින් පසුවන බැවින් පූර්වාරක්ෂාවක් ලෙස සංචිතයෙන් නිදහස් කිරීමට තීරණය කළ බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී යි ඔහු එම සුළු ආබාධ තත්ත්වයට ගොදුරු වුණේ.

ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන නැහැ.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 87 කින් ජය වාර්තා කළ අතර, දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන බදාදා (8) ජොහැනස්බර්ග් හී දී ආරම්භ වීමට නියමිතයි.