නේපාලයේ ප්‍රධාන පුහුණුකරු ලෙස පුබුදු දසනායක පත් කෙරේ

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක පුබුදු දසනායක මහතා යළි පත් කර තිබෙනවා.
නේපාල ක්‍රිකට් සංගමයේ අද(11) පැවැති රැස්වීමකින් අනතුරුවයි මේ බව නිවේදනය කෙරුණේ.
නේපාල කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වූ ඩේව් වට්මෝර් පසුගිය සැප්තැම්බර් මාසයේ දී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුර සදහායි පුබුදු දසනායක මහතා මෙලෙස පත් කර ඇත්තේ.
මීට පෙර දසනායක මහතා නේපාල කණ්ඩායම හැරුණු විට කැනඩා කණ්ඩායමේ සහ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කළා.