Ultimate magazine theme for WordPress.

නේපාල ප්‍රධාන පුහුණුකරු තනතුර පුබුදු වෙනුවට මනෝජ්ට

නේපාල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක මනෝජ් ප්‍රභාකර් පත් කර තිබෙනවා.

මෑතකදී එම ධූරයෙන් ඉවත් වූ පුබුදු දසනායක මහතා වෙනුවටයි මනෝජ් ප්‍රභාකර් එරට පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ.

දසනායක මහතා මේ වන විට කැනඩා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස මනෝජ් ප්‍රභාකර් ඉන්දීය කණ්ඩායම ජාත්‍යන්තර තරග 169 කදී නියෝජනය කරනු ලැබුවා.

රංජි කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් තුනක ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇති ඔහු ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස ද 2016 වසරේ දී කටයුතු කළා.