Ultimate magazine theme for WordPress.

නුවනිදු, මිෂාර හා චමිදු ශ්‍රී ලංකාවට පළමු තරගයෙන් ලකුණු 93 ක ජයක් හිමි කර දෙයි

Match Report

දකුණු අප්‍රිකා A කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 93 ක ජයක් හිමි කර ගැනීමට සංචාරක ශ්‍රී ලංකා A  කණ්ඩායම අද(31) සමත් වුණා.

Potchefstroom හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 9 ක් දැවී ලකුණු 298 ක් ලබා ගනිමින්.

නුවනිදු ප්‍රනාන්දු ලකුණු 97(පන්දු 101කින්) ක් ලබා ගත් අතර, කමිල් මිෂාර රැස් කළ ලකුණු සංඛ්‍යාව 71(75) ක්. චමිදු වික්‍රමසිංහ පන්දු 39 කින් ලකුණු 55 ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 4 ක් සමගින්. (දර්ශන පහතින්)

පන්දු යැවීමේ දී ට්‍රිස්ටන් ලූස් හා ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා A කණ්ඩායමට පන්දුවාර 36.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 205 ක් පමණයි.

ටෝනි ද සොර්සි ලකුණු 53 ක් රැස් කළ අතර, ඩිවාල්ඩ් බ්‍රේවිස් ලකුණු 39 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී දුෂාන් හේමන්ත ලකුණු 34 කට කඩුලු 3 ක් හා වනුජ සහන් ලකුණු 41 කට කඩුලු 3 ක් බිද හෙලුවා. මොහමඩ් ශිරාස්, චමිදු වික්‍රමසිංහ හා සොනල් දිනූෂ කඩුල්ල බැගින් දවා ගත්තා.