නිසි පුහුණුවක් නැතුවම පුහුණු තරගය අවසන්
Match Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවැති දෙදින පුහුණු තරගය දැඩි වර්ෂාවෙන් සිදු වූ බලපෑම හමුවේ අද(11) ජය පරාජයෙන් තොරව නිමා වුණා.
මෙම තරගයේදී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 18.2ක් පමණයි.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
තරගය අද නිමා කරන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 50ක්.
නායක දිමුත් කරුණාරත්න ලකුණු 2(18)කට දැවී ගියා.
ඉනිම ආරම්භ කළ ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 26ක් ද, කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 22ක් ද ලබා කඩුල්ලේ රැදී සිටියා.
පන්දු යැවීමේ දී Mukidul Islam ලකුණු 6කට එක් කඩුල්ලක් බිද හෙලුවා.
බංග්ලාදේශයේ ඩකා දිස්ත්‍රික්කයේ සවර් නගරයේ Bangladesh Krira Shikkha Protisthan No 3 ක්‍රීඩාංගනයේ දී මෙම තරගය පැවැත්වුණා.
දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය එළඹෙන 15 වැනිදා චිතගොං හී දී ආරම්භ වීමට නියමිතයි.