Ultimate magazine theme for WordPress.

මුම්බායි කණ්ඩායමෙන් නිදහස් කිරීමත් සමග පොලාඩ් ​IPL ක්‍රීඩා දිවියට සමු දෙයි

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක කයිරන් පොලාඩ් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහුව සිය සංචිතයෙන් නිදහස් කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තීරණය කිරීම හේතුවෙනුයි පොලාඩ් මෙම තීරණය ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, තමා 2023 තරග වාරයේ දී මුම්බායි කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිත බව කයිරන් පොලාඩ් නිකුත් කළ නිවේදනයක සදහන්.

“මම තවදුරටත් මුම්බායි ඉන්දියන්ස් වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ නැත්නම්, මම මුම්බායි කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරනවා බලන්න මට බැහැ” යනුවෙන් පොලාඩ් සදහන් කළා.

පොලාඩ් 2010 වසරේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගත් අතර, වසර 13 ක කාලයක් ඔහු මුම්බායි පිල නියෝජනය කළා.

එම කාලයේ දී ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමගින් 5 වරක් අයි.පී.එල් ශූරතාවය ජය ගත් අතර, දෙවරක් චැම්පියන්ස් ලීග් ශූරතාවය ද ජය ගනු ලැබුවා.

තරග 9 කදී මුම්බායි කණ්ඩායමේ නායකත්වය ද දැරූ පොලාඩ් පසුගිය තරග වාරයේ දී ඉන්දීය රුපියල් කෝටි 6 කට එම කණ්ඩායම විසින් සිය සංචිතයේ රදවා ගැනීමට කටයුතු කළා.

කෙසේ වෙතත්, 2022 තරග වාරයේ දී තරග 11 කදී ඔහු රැස් කළේ ලකුණු 144 ක් පමණයි.

අයි.පී.එල් පිටියෙන් සමුගත්ත ද කයිරන් පොලාඩ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ලීග් 20යි 20 තරගාවලියේ දී (International League T20) මුම්බායි කණ්ඩායමේ හිමිකාරීත්වය සහිත MI Emirates (එම් අයි එමිරේට්ස්) කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

Show Comments (1)