Ultimate magazine theme for WordPress.

නවසීලන්ත හිටපු පා දග පන්දු යවන්නෙකු වූ Alabaster අභාවප්‍රාප්ත වෙයි

නවසීලන්ත හිටපු පා දග පන්දු යවන ක්‍රීඩකයෙකු වූ Jack Alabaster අභාවප්‍රාප්ත වී තිබෙනවා.

Cromwell ප්‍රදේශයේ දී ඔහු මියයන විට 93 වන වියේ පසු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

1955 වසරේ සිට 1972 වසර දක්වා වූ කාලයේ දී නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ Alabaster එහිදී ටෙස්ට් තරග 21 කදී කඩුලු 49 ක් දවා ගැනීමට සමත් වුණා.

ඔහු 1955-56 තරග වාරයේ දී ඉන්දියාවේ හා පාකිස්තානයේ තරග සංචාරවල නිරත වූ අතර, 1958 වසරේ දී එංගලන්තයේ ද, 1961-62 තරග වාරයේ දී දකුණු අප්‍රිකාවේ ද, 1971-72 තරග වාරයේ දී බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල ද තරග සංචාරවල නිරත වුණා.

Leave a comment