නවසීලන්ත ටෙස්ට් සංචිතයට වෙනසක්

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක නෙයිල් වෑග්නර් කැදවා තිබෙනවා.
ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි වෙනුවටයි ඔහුව සංචිතයට ආදේශ කර ඇත්තේ.
ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී හෙන්රිගේ දකුණු පාදයේ ආබාධයක් සිදු වූ අතර, නවසීලන්තයට පැමිණ සිටින ඔහු මේ වන විට ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.
ඔහුට එළඹෙන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ නොහැකි බවට මෙම සතියේ දී සිදු කෙරුණු වැඩිදුර වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණා.
දෙරට අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය එළඹෙන 28 වැනිදා සිල්හෙට් හී දී ආරම්භ වීමට නියමිතයි.
BLACKCAPS Test squad v Bangladesh
Tim Southee (c)
Tom Blundell (wk)
Devon Conway
Kyle Jamieson
Tom Latham
Daryl Mitchell
Henry Nicholls
Ajaz Patel
Glenn Phillips
Rachin Ravindra
Mitchell Santner
Ish Sodhi
Neil Wagner
Kane Williamson
Will Young
Bangladesh v BLACKCAPS Test series
1st Test – 28 November – 2 December – Sylhet International Cricket Stadium, Sylhet
2nd Test – 6-10 December – Sher-e-Bangla National Cricket Stadium, Dhaka