නවසීලන්ත කණ්ඩායමේ නව පන්දු යැවීමේ පුහුණුකරු නිවේදනය කෙරේ

නවසීලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ දී පුහුණුකරු ලෙස නවසීලන්ත හිටපු ක්‍රීඩකයෙකු වන ජේකබ් ඕරම් පත් කර තිබෙනවා.
ඒ, 2023 වසරේ නොවැම්බර් මාසයේ දී Shane Jurgensen එම ධූරයෙන් ඉවත් වීමත් සමග ඇතිව තිබූ පුරප්පාඩුව සදහායි.
පසුගිය වසරේ දී නවසීලන්ත කණ්ඩායම සිදු කළ බංග්ලාදේශ ටෙස්ට් තරග සංචාරයේ දී, ඔස්ට්‍රේලියාවට එරෙහි විස්සයි 20 තරගාවලියේ දී මෙන්ම 2024 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී ද නවසීලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ජේකබ් ඕරම් කටයුතු කළා.
ඔක්තෝබර් 7 වැනිදා සිට ජේකබ් ඕරම් සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.
මේ අතර, ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නව උපදේශක ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක සහීර් ඛාන් පත් කර තිබෙනවා.
ගෞතම් ගම්භීර් එම කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කළ නමුත්, පසුගිය තරග වාරයේ දී ඔහු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග එක්වීම හේතුවෙන් එම තරග වාරයේ දී ලක්නව් කණ්ඩායම උපදේශකවරයෙකු නොමැතිවයි තරග වැදුණේ.