ධවාන් ක්‍රිකට් පිටියට සමු දෙයි

ඉන්දීය ආරම්භක පිතිකරුවෙකු වන ශිකර් ධවාන් ජාත්‍යන්තර හා දේශිය ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
සෙනසුරාදා (24) පෙරවරුවේ දී සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහනක් තබමිනුයි ධවාන් මේ බව නිවේදනය කළේ.
ධවාන් 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී පංජාබ් කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළ අතර, ඔහු අවසන් වරට ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළේ 2022 වසරේ දෙසැම්බර් මාසයේ දී යි.
ජාත්‍යන්තර තරග 269 කදී ඔහු වාර්තා කර ඇති ශතක ගණන 24 ක්.