Ultimate magazine theme for WordPress.

දෙවැනි 20යි 20 වැස්සට සේදෙයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අද(29) නිමා වුණා.

Mount Maunganui හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නා.

කෙසේ වෙතත්, පන්දුවාර 11 ක් අවසානයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට නොහැකි වූ බැවින් තරගය ප්‍රතිපලයකින් තොරව නිමා කෙරුණා.

පළමු කඩුල්ල ලෙස ෆින් ඇලන් ලකුණු දෙකකට දැවී ගියා. ටිම් සයිෆර්ට් පන්දු 23 කින් ලකුණු 43 ක් ලබා ගත්තා. තරගය නතර කරන විට ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 18 ක් හා ග්ලේන් පිලිප්ස් නොදැවී ලකුණු 9ක් ලබා කඩුල්ලේ රැදී සිටියා.

පන්දු යැවීමේ දී ශොරිෆුල් ඉස්ලාම් හා ටන්සිම් හසාන් සකිබ් කඩුල්ල බැගින් බිද හෙලුවා.

නවසීලන්ත-බංග්ලාදේශ පළමු පන්දුවාර 20යි 20 තරගයෙන් බංග්ලාදේශය කඩුලු පහක ජයක් වාර්තා කළා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 1-0 ලෙස තවදුරටත් පෙරමුණේ පසුවන්නේ බංග්ලාදේශයයි.