දෙවැනි ටෙස්ට් තරගයට බංග්ලාදේශයෙන් වෙනස්කම් කිහිපයක්
ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වමත් දග පන්දු යවන ක්‍රීඩක නසුම් අහ්මඩ් බංග්ලාදේශ සංචිතයට නම් කර තිබෙනවා.
ඔහු සීමිත පන්දුවාර තරගවලදී බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කර ඇතත්, මෙතෙක් කිසිදු ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර නැහැ.
ශකිබ් අල් හසාන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
නායක ශකිබ් ආබාධයකින් පසුවන බැවින් නසුම් අහ්මඩ් සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
ශකිබ් අල් හසාන් පළමු ටෙස්ට් තරගය සදහා ද ක්‍රීඩා කළේ මෙම ආබාධය සහිතවයි. ඒ හේතුවෙන් ඔහු පළමු ඉනිමේ දී පන්දුවාර 12 ක් පමණක් යොමු කළ අතර, දෙවැනි ඉනිමේ දී කිසිදු පන්දුවාරයක් යොමු කළේ නැහැ.
දෙවැනි ටෙස්ට් තරගයේ දී ද ශකිබ් පිතිකරුවෙකු ලෙස පමණක් ක්‍රීඩා කරනු ඇති.
පළමු ටෙස්ට් තරගයේ දී ආබාධයකට ලක් වූ එබඩොට් හොසේන් දෙවැනි ටෙස්ට් තරගයට නම් කර නැහැ.
පළමු ටෙස්ට් තරගයට පෙර ආබාධයකට ලක් වූ ශොරිෆුල් ඉස්ලාම් ද ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.
අනමුල් හක් ද සංචිතයෙන් ඉවත් කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇති අතර, හිටපු නායක මොමිනුල් හක් සංචිතයේ සිය ස්ථානය තවදුරටත් රදවා ගැනීමට සමත්ව සිටිනවා.
දෙරට අතර පැවැති පළමු තරගයෙන් ඉන්දියාව ලකුණු 188 ක ජයක් වාර්තා කළ අතර, දෙවැනි තරගය එළඹෙන 22 වැනිදා ඩකා හී දී ආරම්භ වීමට නියමිතයි.
Bangladesh squad for 2nd Test:
Mahmudul Hasan Joy, Najmul Hossain Shanto, Mominul Haque, Yasir Ali, Mushfiqur Rahim, Shakib Al Hasan (c), Litton Das, Nurul Hasan, Mehidy Hasan Miraz, Taijul Islam, Taskin Ahmed, Khaled Ahmed, Zakir Hasan, Rejaur Rahman Raja.