Ultimate magazine theme for WordPress.

දූෂණ චෝදනා එල්ල වූ සහාය පුහුණුකරුවෙකුට අයි.සී.සීයෙන් වසර හයක ක්‍රිකට් තහනමක්

Abu Dhabi T10 ලීග් තරගාවලියට ක්‍රීඩා කළ Pune Devils කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු වූ Sunny Dhillon හට වසර හයක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

ඒ, එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

2021 අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව පුද්ගලයින් 8 දෙනෙකුට එරෙහිව 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී අයි.සී.සීය දූෂණ චෝදනා ගොණු කර තිබූ අතර, ඒ අතරට බංග්ලාදේශ ක්‍රීඩක නසීර් හොසේන් ද ඇතුළත්.

ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩක නසීර් හොසේන්ට එරෙහිව වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීමට අයි.සී.සීය මීට පෙර පියවර ගත්තා.

තරඟාවලිය අතරතුර තරඟ ප්‍රතිඵලවලට බලපෑම් කිරීමට උත්සාහ කළ බවට Sunny Dhillon හට චෝදනා එල්ල වුණා. අයි.සී.සී මාධ්‍ය නිවේදනයට අනුව ඔහුට එරෙහිව එල්ල වූ සම්පූර්ණ චෝදනා ලැයිස්තුව –

  • Article 2.1.1 – Being party to an attempt to fix, contrive or influence improperly matches or aspects of matches in the Abu Dhabi T10 2021.
  • Article 2.4.4 – Failing to disclose to the DACO full details of any approaches or invitations received to engage in Corrupt Conduct under the Code.
  • Article 2.4.6 – Failing or refusing, without compelling justification, to cooperate with any investigation carried out by the DACO in relation to possible Corrupt Conduct under the Code.

2023 වසරේ සැප්තැම්බර් 13 වැනිදා සිට (තාවකාලික තහනමක් පැනවූ දිනයේ සිට) බලාත්මක වන පරිදි ඔහුට එරෙහිව වසර හයක තහනම පනවා ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.