Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශ ක්‍රීඩකයෙකුට අයි.සී.සීයෙන් වසර දෙකක ක්‍රිකට් තහනමක්

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක නසීර් හොසේන්ට එරෙහිව වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

ඒ,  එමිරේට්ස් ක්‍රිකට් ආයතන දූෂණ මර්දන සංග්‍රහය (ECB Anti-Corruption Code) උල්ලංඝනය කිරීම හේතුවෙන්.

2020-21 අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළවයි ඔහු ඇතුළු 8 දෙනෙකුට එරෙහිව 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී අයි.සී.සීය දූෂණ චෝදනා ගොණු කර තිබුණේ.

32 හැවිරිදි නසීර් හොසේන්ට එරෙහිව චෝදනා තුනක් එල්ල වී තිබූ අතර, ඔහු එම චෝදනා පිළිගෙන ඇති බව අයි.සී.සීය සදහන් කළා.

ඔහුට එරෙහිව වසර දෙකක තහනමක් පනවා ඇතත්, ඉන් මාස හයක් අත්හිටුවා ඇති බව ද අයි.සී.සී මාධ්‍ය නිවේදනයේ සදහන්.

ඒ අනුව 2025 වසරේ අප්‍රේල් 7 වැනිදා සිට නසීර් හොසේන්ට යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසිය හැකි වනවා.

නසීර් හොසේන් බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් තරග 19 ක්, එක්දින තරග 65 ක් හා 20යි 20 ජාත්‍යන්තර තරග 31 ක් ක්‍රීඩා කර තිබෙනවා. අවසන් වරට ඔහු බංග්ලාදේශය නියෝජනය කර ඇත්තේ 2018 වසරේ ජනවාරි මාසයේ දී යි.

පසුගිය සැප්තැම්බර් මාසයේ දී දූෂණ චෝදනා එල්ල වූවන් අතරට ශ්‍රී ලංකා හිටපු පළමු පෙල ක්‍රීඩකයෙකු වූ සාලිය සමන් ද ඇතුළත්.

අයි.සී.සී මාධ්‍ය නිවේදනයට අනුව නසීර් හොසේන්ට එරෙහිව එල්ල වූ චෝදනා –

Charge No. 1 – Breach of Article 2.4.3 of the Code, in that he failed to disclose to the Designated Anti-Corruption Official (without unnecessary delay) the receipt of a gift that was offered to him that had a value of over US$750, namely the gift of a new iPhone 12.

Charge No. 2 – Breach of Article 2.4.4 of the Code, in that he failed to disclose to the Designated Anti-Corruption Official full details of the approach or invitation he received to engage in Corrupt Conduct via the new iPhone 12.

Charge No. 3 – Breach of Article 2.4.6 of the Code, in that he failed or refused, without compelling justification, to cooperate with the Designated Anti-Corruption Official’s investigation in relation to possible Corrupt Conduct under the Code, including (without limitation) failing to provide accurately and completely any information and/or documentation requested by the Designated Anti-Corruption Official (whether as part of a formal Demand pursuant to Article 4.3 or otherwise) as part of such investigation.

Leave a comment