Ultimate magazine theme for WordPress.

දිමුත් හා චමීර අද තරගයට ? සහාය පුහුණුකරු කරුණු පහදයි

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් පෙරේරාගෙන් බලාපොරොත්තු වූ සේවය කණ්ඩායමට නොලැබුණු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් පවසනවා.

අද(30) ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළේ.

කුසල් පෙරේරාට ඔහුගේ සුපුරුදු පිතිහරඹය දියත් කරන ලෙසට උපදෙස් ලබා දී තිබූ නමුත්, ඔස්ට්‍රේලියානු තරගයේ දී හැර අනෙක් තරගවලදී ඔහුගෙන් බලාපොරොත්තු වූ සේවය කණ්ඩායමට නොලැබුණු බව සහාය පුහුණුකරු පෙන්වා දුන්නා.

ඒ අනුව කුසල් වෙනුවට ආරම්භක පිතිකරුවෙකු ලෙස දිමුත් කරුණාරත්න යොදා ගැනීම සම්බන්ධයෙන් තේරීම් කමිටු නිළධාරීන් සලකා බලනු ඇති බවයි නවීඩ් නවාස් කියා සිටියේ.

මේ අතර, ලහිරු කුමාර ආබාධයකට ලක් වීම හේතුවෙන් සංචිතයට ආදේශ කෙරුණු දුෂ්මන්ත චමීර අද තරගයට ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද ශ්‍රී ලංකා සහාය පුහුණුකරු සදහන් කළා.

කුමාර පසුගිය සෙනසුරාදා පැවැති පුහුණුවීම්වලදී අදාළ ආබාධයට මුහුණ දුන් බවත්, ඔහුට සති තුනක පමණ කාලයක් පුනරුත්තාපන ක්‍රියාවලියකට ලක් වීමට සිදුව ඇති බවත් මෙම මාධ්‍ය හමුවේ දී අනාවරණය කෙරුණා.

Leave a comment