දිනේෂ් චන්දිමාල් රෝහල්ගත කෙරේ

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර දී ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු දිනේෂ් චන්දිමාල් රෝහල්ගත කිරීමක් සිදු කර තිබෙනවා.
ඒ, මැන්චෙස්ටර්හි පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය වන අද(23) දිනයේ දී ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටියදී ඔහු මුහුණ දුන් ආබාධයක් හේතුවෙන්.
චන්දිමාල් ලකුණු 10 ක් ලබා සිටියදී මාර්ක් වුඩ් යොමු කළ පන්දුවක් දකුණු අතේ ඇගිල්ලක වැදීම හේතුවෙන් මෙම ආබාධය සිදු වුණා.
අනතුරුව අඛණ්ඩව පිතිකරණයේ නිරත වීමට චන්දිමාල්ට නොහැකි වූ අතර, ඔහු පිටියෙන් ඉවත් වීමටයි තීරණය කළේ.
පසුව වෛද්‍ය පරීක්ෂණ සදහා ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.