Ultimate magazine theme for WordPress.

දිනේෂ් කාර්තික් IPL ගැන තීරණයක් ගනියි

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2024 තරගාවලිය ඔහු ක්‍රීඩා කරන අවසන් තරගාවලිය බවට පත් පත් වනු ඇති.

එළඹෙන ජූනි මාසයේ දී 39 වන වියට පා තබන කාර්තික් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය සම්බන්ධයෙන් ද ළගදීම තීරණයක් ගැනීමට නියමිතව ඇති බව සදහන්.

දිනේෂ් කාර්තික් 2008 වසරේ දී Delhi Daredevils කණ්ඩායම නියෝජනය කරමිනුයි අයි.පී.එල් තරග බිමට පිවිසියේ.

ඔහු 2008 වසරේ දී අයි.පී.එල් තරගාවලිය ආරම්භ කිරීමෙන් පසුව මේ දක්වා පැවැති සෑම අයි.පී.එල් තරගාවලියක් සදහාම ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයින් 7 දෙනාගෙන් එක් අයෙකු ද වනවා.

එලෙස සෑම අදියරක් සදහාම ක්‍රීඩා කර ඇති අනෙක් ක්‍රීඩකයින් වන්නේ මහේන්ද්‍ර සිං දෝනි, විරාත් කෝලි, රෝහිත් ෂර්මා, ශිකර් ධවාන්, ව්රිධිමන් සහා හා මනීෂ් පාන්ඩේ.

මෙතෙක් පැවැති තරගාවලි 16 තුළ දී ම කාර්තික්ට ක්‍රීඩා කිරීමට නොහැකි වී ඇත්තේ තරග දෙකක් පමණක් වීම ද කැපී පෙනෙනවා.

Leave a comment