දිනේෂ් කාර්තික්ට අලුත් තනතුරක්

රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිරිමි කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු හා පිතිකරණ උපදේශක ලෙස හිටපු ක්‍රීඩක දිනේෂ් කාර්තික් පත් කර තිබෙනවා.
කාර්තික් 2024 වසර දක්වා බැංගලූරු කණ්ඩායම නියෝජනය කළ අතර, 2024 අදියරෙන් පසුව ඔහු ක්‍රිකට් පිටියෙන් සමු ගත්තා.
2022 අදියරට අදාළව පැවැති ක්‍රීඩක වෙන්දේසියේ දී RCB කණ්ඩායම විසින් ඔහුව මිලදී ගත් අතර, ඊට පෙර ද 2015 වසරේ දී ද කාර්තික් එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.
2024 අදියරේ දී ඔහු ඉනිම 13 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 326 ක්. අයි.පී.එල් පිටියේ දී ඔහු RCB කණ්ඩායම වෙනුවෙන් තරග 60 ක් ක්‍රීඩා කර එහිදී ලකුණු 937 ක් ලබා ගත්තා.
RCB නියෝජනය කරමින් ඔහු උඩ පන්දු 36 ක් රැක ගෙන ඇති අතර, ස්ටම්ප් කිරීම් 9 ක් ද සාර්ථක කර ගැනීමට සමත්ව තිබෙනවා.