Ultimate magazine theme for WordPress.

දඹුලු ක්‍රීඩකයින් කලු පටි පැළදීමේ තීරණයක

හෙට(14) පැවැත්වෙන එල්.පී.එල් දෙවැනි අවසන් පූර්ව තරගයේ දී කලු පටි පැළද සිය කණ්ඩායමේ ක්‍රීඩකයින් ක්‍රීඩා කරන බව දඹුල්ල වයිකින්ග් කණ්ඩායම පවසනවා.

ඒ, ඔවුන්ගේ පන්දු යැවීමේ පුහුණුකරු චමිල ගමගේගේ පියාගේ අභාවය හේතුවෙන්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග දෙකකට සහ එක්දින තරග 7කට ක්‍රීඩා කර ඇති ගමගේ, පසුගිය කාලයේ වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස සංචිත කිහිපයකම කටයුතු කළා.

ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය හෙට රාත්‍රී 7ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment