Ultimate magazine theme for WordPress.

අවසන් වටයට යන්නේ දඹුල්ල ද? මහනුවර ? තීරණාත්මක 20 වැනි තරගය අද

ඊයේ රාත්‍රියේ පැවැති තරගයෙන් ගෝල් මාර්වල්ස් කණ්ඩායම පරදා කඩුලු හතක ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් පිල සමත් වීමත් සමග කොළඹ කණ්ඩායම අවසන් වටයේ ස්ථානයක් තහවුරු කර ගැනීමට සමත් වුණා.

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 20 වැනි තරගය හෙවත් අවසන් තරගය අද(16) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගය කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම හා ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට අවසන් ස්ථානයේ රැදී සිටින දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අතර රාත්‍රී 7:30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවන කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම (NRR 0.033) අභිබවා අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමටනම් දඹුල්ල කණ්ඩායම (NRR -0.513) අද තරගය ඉහළ පරතරයක් සහිතව ජය ගැනීම අනිවාර්යය වනවා. (ප්‍රසාද ලකුණු සටහන පහතින්)

ඊයේ රාත්‍රියේ පැවැති තරගයෙන් ගෝල් මාර්වල්ස් කණ්ඩායම පරදා කඩුලු හතක ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් පිල සමත් වීමත් සමග කොළඹ කණ්ඩායම අවසන් වටයේ ස්ථානයක් තහවුරු කර ගැනීමට සමත් වුණා.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ගෝල් මාර්වල්ස් කණ්ඩායම හා දෙවැනි ස්ථානයේ පසුවන  ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ද අවසන් වටයට සුදුසුකම් ලබා අවසන්.

අද තරගයෙන් කොළඹ කණ්ඩායම ජය ගතහොත් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත් වන අතර, ගාලු පිල දෙවැනි ස්ථානයට ඇද වැටෙනවා.

එසේ වුවහොත් ජැෆ්නා කණ්ඩායම තෙවැනි ස්ථානය දක්වා පසුබසින බැවින් ඔවුන්ට අවසන් වටයේ පළමු තරගය (Qualifier 1) ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනවා.

කොළඹට කඩුලු හතක ජයක්

ඊයේ රාත්‍රියේ පැවැති තරගාවලියේ 19 වැනි තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාලු කණ්ඩායම පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 138 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 10 ක් ඉතිරිව තිබියදී කඩුලු කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ගාලු ඉනිම වෙනුවෙන් ටිම් සයිෆර්ට් ලකුණු 44(38) ක් හා භානුක රාජපක්ෂ ලකුණු 35(15) ක් රැස් කළා. පන්දු යැවීමේ දී මතීෂ පතිරණ කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 20 ක් ලබා දෙමින්.

පිළිතුරු කොළඹ ඉනිම වෙනුවෙන් මුහම්මද් වසීම් පන්දු 44 කින් ලකුණු 50 ක් ලබා ගත්තා.