දකුණු අප්රිකා වසරේ ක්රිකට් ක්රීඩකයා සම්මානය අන්රික් නොකියාට
වසරේ දකුණු අප්රිකා ක්රිකට් ක්රීඩකයා ලෙස වේග පන්දු යවන ක්රීඩක අන්රික් නොකියා සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
ඒ, ඊයේ (7) රාත්රියේ දී Midrand හී දී පැවැති දකුණු අප්රිකා ක්රිකට් සම්මාන ප්රදානෝත්සවයේ දී යි.
වසරේ ටෙස්ට් ක්රිකට් ක්රීඩකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ වේග පන්දු යවන ක්රීඩක කාගිසෝ රබාඩා.
ටෙම්බු බවුමා වසරේ එක්දින ක්රිකට් ක්රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබුවා.
වසරේ 20යි 20 ක්රිකට් ක්රීඩකයා සම්මානය දිනා ගත්තේ රීසා හෙන්ඩ්රික්ස්.
ජෙරාල්ඩ් කොට්සී වසරේ නැගී එන ක්රිකට් ක්රීඩකයා සම්මානය හිමි කර ගත්තා.
මේ අතර, වසරේ ක්රිකට් ක්රීඩිකාව සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ Shabnim Ismail.
කාන්තා හා පිරිමි ජාතික කණ්ඩායමට අදාළව සම්මාන බෙදී ගිය අයුරු –
SA Women’s Player of the Year: Shabnim Ismail
Women’s T20I Player of the Year: Nonkululeko Mlaba
Women’s ODI Player of the Year: Laura Wolvaardt
Women’s Players’ Player of the Year: Nonkululeko Mlaba
SA Men’s Player of the Year: Anrich Nortje
Test Player of the Year: Kagiso Rabada
ODI Player of the Year: Temba Bavuma
T20I Cricketer of the Year: Reeza Hendricks
International Men’s Newcomer of the Year: Gerald Coetzee
SA Men Players’ Player of the Year: David Miller
SA Fans’ Player of the Year: Sinalo Jafta
Best Delivery Fuelled by KFC: Kagiso Rabada