දකුණු අප්‍රිකාව ලැබූ අන්ත පරාජයත් සමග ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයට
Match Report
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 182 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(29) සමත් වුණා.
මෙල්බර්න්හි පැවැති තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට දෙවැනි ඉනිමේ දී ඉනිමක පරාජයෙන් ගැළවීමේ දැඩි සටනක නිරත වෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 15 ක්. කෙසේ වෙතත්, ඔවුන්ට අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 204 ක් පමණයි.
ටෙම්බා බමුවා ලකුණු 65 ක් රැස් කළ අතර, Kyle Verreynne ලකුණු 33 කට දැවී ගියා. පන්දු යැවීමේ දී නේදන් ලයන් කඩුලු 3 ක් දවා ගත්තා. ස්කොට් බෝලන්ඩ් බිද හෙලූ කඩුලු ගණන 2ක්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 189 ක් පමණක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට කඩුලු 8 ක් දැවී ලකුණු 575 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
තම සියවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කළ ඩේවිඩ් වෝනර් ලකුණු 200 ක් වාර්තා කළ අතර, ඔහු තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.
ඒ් අනුව ඔස්ට්‍රේලියාව මේ වන විට තරග 2-0 ක් ලෙස තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.
අද නිමා වූ තරගයේ ප්‍රතිපලය අනුව අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මෙතෙක් තෙවැනි ස්ථානයේ පසු වූ දකුණු අප්‍රිකාව සිව්වැනි ස්ථානය දක්වා පසුබැස ඇති අතර, මෙතෙක් සිව්වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
නවතම ප්‍රසාද ලකුණු සටහන –
