Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකාවෙන් නව 20යි 20 ලීගයක්

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය හා සුපර්ස්පෝර්ට් රූපවාහිනී ආයතනය එක්ව නව පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කිරීම සදහා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ලබන ජනවාරි මාසයේ දී එහි පළමු අදියර පැවැත්වීමට නියමිත බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මෙම වසර අවසානයේ දී පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය අවසන් වූ වහාම මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු කරනු ඇති.

තරගාවලිය සදහා විදෙස් ක්‍රීඩකයින් ද එක්වීමට නියමිත අතර, පෞද්ගලික හිමිකාරීත්වය යටතට අයත් කණ්ඩායම් 6ක් තරගාවලියට එක් වීමට නියමිතයි.

තරග 33කින් යුත් මෙම නව තරගාවලිය සදහා මෙතෙක් නමක් නිවේදනය කර නැහැ.

තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියක් ද ඉදිරියේ දී පැවැත්වීමට කටයුතු කරනු ඇති.

මීට පෙර Mzansi Super League නමින් 20යි 20 තරගාවලියක් එරට ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අතර, 2018 හා 2019 වසරවලදී එම තරගාවලියේ අදියර දෙකක් පවත්වනු ලැබුවා.

කෙසේ වෙතත්, කොවිඩ් 19 වසංගතයේ ද බලපෑම මත අදාළ තරගාවලිය 2020, 2021 හා 2022 යන වසරවලදී පැවැත්වීමට හැකි වූයේ නැහැ.