Ultimate magazine theme for WordPress.

තීක්ෂණගේ ආබාධය ගැන ක්‍රිකට් ආයතනය කරුණු පහදයි

ආබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය 21 වැනිදා නෙදර්ලන්තය සමග පැවැති ලෝක කුසලාන තරගයේ දී ඔහුගේ දකුණු පාදයේ වේදනාවක් ඇතිව තිබූ අතර, ඒ හේතුවෙන් ඔහුව වෛද්‍ය පරීක්ෂණ (MRI scan) සදහා යොමු කර තිබූ බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කෙසේ වෙතත්, එම වෛද්‍ය වාර්තාවලට අනුව අනාවරණය වී ඇත්තේ ඔහුට නව ආබාධයක් හෝ ආසියානු කුසලාන තරගාවලියේ දී සිදු වූ ආබාධය යළි උග්‍ර වීමක් සිදුව නොමැති බවයි.

මේ වන විට ඔහු සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බව ද ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඒ අනුව ඔහු අද දිනයේ දී කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සමග පුහුණුවීම් සදහා ද එක්ව තිබෙනවා.

තීක්ෂණට එළඹෙන 26 වැනිදා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය සදහා ක්‍රීඩා කිරීමේ හැකියාව පවතින බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්ව ඇත්තේ.

Leave a comment