තියුණු සටනකින් පසු මුම්බායි ඉන්දියන්ස් අවසන් පන්දුවේ දී සිය පළමු ජය ලබයි
Match Report
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කරමින් තරගාවලියේ 16 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා තරගයේ අවසන් පන්දුවේ දී කඩුලු 6 ක තියුණු ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද(11) සමත් වුණා.
දිල්ලි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 172 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4 ක් දැවී සිටියදීයි.
ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් රෝහිත් ෂර්මා හා ඉෂාන් කිෂන් පළමු කඩුල්ලට පන්දුවාර 7.3 ක් තුළ ලකුණු 71 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.
කිෂාන් ලකුණු 31 කට දුවද්දී දැවී ගිය අතර, රෝහිත් ලකුණු 65(45) යි. හයේ පහර 4ක් හා හතරේ පහර 6 ක් රෝහිත් ෂර්මාගේ ඉනිමට ඇතුළත්.
හයේ පහර 4 ක් හා හතරේ පහරක් සමගින් සිය ඉනිම ශක්තිමත් කළ තිලක් වර්මා ලකුණු 41(29) කට දැවී ගියා. සූර්යකුමාර් යාදව් මෙම ඉනිමේ දී ද පළමු පන්දුවෙන් දැවී ගියා. ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 13 ක් හා කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 17 ක් ලබා ගනිමින් ප්‍රබල සටනකින් පසු අවසන් පන්දුවේ දී සිය කණ්ඩායමට ජය තහවුරු කර දුන්නා.
අන්රික් නොකියා යොමු කළ අවසන් පන්දුවට තරගය ජය ගැනීමට ලකුණු 2ක් අවශ්‍ය වූ අතර, ටිම් ඩේවිඩ් මුම්බායි පිල වෙනුවෙන් එම ලකුණු දෙක ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේ දී මුකේෂ් කුමාර් ලකුණු 30 කට කඩුලු 2ක් දවා ගත්තා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි පිල වෙනුවෙන් ඩේවිඩ් වෝනර් ලකුණු 51 (47) හා අක්සාර් පටෙල් ලකුණු 54(25) ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී ජේසන් බෙහ්රෙන්ඩොර්ෆ් හා පියුෂ් චවුලා කඩුලු 3 බැගින් බිද හෙලුවා.
මුම්බායි කණ්ඩායම මේ වන විට තරග 3 කින් එක් තරගයක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ රැදී සිටින අතර, ක්‍රීඩා කළ තරග 4ම පරාජයට පත් වූ දිල්ලි කණ්ඩායම අවසන් ස්ථානයේ පසුවනවා.
— CricDaily24 (@cricday96) April 11, 2023