තරග 8කට ඕස්ට්‍රේලියානු කණ්ඩායම දකුණු අප්‍රිකා සංචාරයක
ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලබන අගෝස්තු – සැප්තැම්බර් මාසවලදී දකුණු අප්‍රිකා තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ මෙම සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3 ක් හා එක්දින තරග 5 ක් පැවැත්වීමට නියමිතව ඇති බවයි.
ඔස්ට්‍රේලියානු හිටපු නායක ආරෝන් ෆින්ච් විශ්‍රාම ගැනීමෙන් පසුව ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කරන පළමු 20යි 20 තරගාවලිය එය වනු ඇති.
ඒ අනුව නව නායකයෙකු සමගින් ඕස්ට්‍රේලියාව අදාල 20යි 20 තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.
තරග කාලසටහන –
- August 30 – 1st T20I, Durban
- September 1 – 2nd T20I, Durban
- September 3 – 3rd T20I, Durban
- September 7 – 1st ODI, Bloemfontein
- September 9 – 2nd ODI, Bloemfontein
- September 12 – 3rd ODI, Potchefstroom
- September 15 – 4th ODI, Centurion
- September 17 – 5th ODI, Johannesburg