Ultimate magazine theme for WordPress.

තරග තහනමෙන් පසු පිටියට ආ ටොම් කරන්ට BBL තරගාවලියේ ඉතිරි තරග අහිමි වෙයි

දණහිසක ආබාධයකට ලක් වීම හේතුවෙන් සිඩ්නි සික්සර්ස් කණ්ඩායමේ එංගලන්ත ක්‍රීඩක ටොම් කරන්ට මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

මෙම ආබාධය හේතුවෙන් ඔහුට එළඹෙන ILT20 තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් පවතින බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම සමග පසුගියදා පැවැති තරගයේ දී ටොම් කරන් අදාළ ආබාධයට මුහුණ දුන්නා.

ඒ හේතුවෙන් ඔහුට මේ වන විට සිඩ්නි කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත මූලික වටයේ අවසන් තරග දෙක අහිමි වී තිබෙනවා. මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන සික්සර්ස් කණ්ඩායම තවමත් අවසන් වටය සදහා සුදුසුකම් ලබා නැහැ.

Desert Vipers කණ්ඩායම නියෝජනය කරමින් ILT20 තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව සිටින බැවින් ටොම් කරන් මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලියේ අවසන් වටයේ තරග සදහා ක්‍රීඩා කිරීමට ද නියමිතව සිටියේ නැහැ.

තරඟයකට පෙර සිව්වැනි විනිසුරුවරයා බිය ගැන්වීම යන චෝදනාවට වරදකරු වීම හේතුවෙන් ටොම් කරන්ට එරෙහිව බිග් බෑෂ් ලීග් තරග හතරක තහනමක් ද මීට පෙර පනවනු ලැබුවා.

Watch : විනිසුරු බිය ගැන්වූ ටොම් කරන්ට BBL තරග තහනමක්

Leave a comment