Ultimate magazine theme for WordPress.

ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට තරග නිළධාරීන් පත් කෙරේ

ජූනි 7 වැනිදා ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර ආරම්භ වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා වන තරග නිළධාරීන් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(29) නිවේදනය කළා.

ඒ අනුව නවසීලන්තයේ Chris Gaffaney හා එංගලන්තයේ Richard Illingworth පිටියේ විනිසුරුවන් ලෙස අවසන් තරගයේ දී කටයුතු කිරීමට නියමිතයි.

එංගලන්තයේ Richard Kettleborough රූපවාහිනී විනිසුරු ලෙස නම් කර තිබෙනවා. 2019-2021 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දී ද රූපවාහිනී විනිසුරු ලෙස Kettleborough කටයුතු කළා.

ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන පත් කර ඇත්තේ සිව්වැනි විනිසුරු ලෙසයි. බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි Richie Richardson තරග තීරකවරයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

Leave a comment