ටයිටන්ස් එළියට – KKR පළමු අවසන් තරගයට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ සිය බලාපොරොත්තු අත්හැර දැමීමට 2022 අයි.පී.එල් ශුරතාවය හා 2023 අනුශූරතාවය දිනූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට සිදු වුණා.
ඒ, තරගාවලියේ 63 වැනි තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වීමත් සමගයි.
එම තරගය ඊයේ (13) රාත්‍රී කාලයේ දී අහ්මදාබාද්හී දී පැවැත්වීමට නියමිතව තිබුණේ ගුජරාට් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතරයි.
තරගය කිසිදු පන්දුවක් නොයවා අත්හැර දැමීමට සිදු වීමත් සමග කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් හිමි වුණා.
ඒ අනුව මීට පෙර අවසන් වටයට සුදුසුකම් ලබා සිටි කොල්කටා කණ්ඩායම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකෙන් එකක් තහවුරු කර ගනිමින් අවසන් වටයේ පළමු තරගයට සුදුසුකම් ලබා ගැනීමට ද මෙම ප්‍රතිපලයත් සමග සමත් වුණා.
ප්‍රසාද ලකුණු සටහන –
wpDataTable with provided ID not found!