ජොෂ් හොල්ට පාකිස්තාන සංචාරයත් අහිමි වෙයි

ආබාධයකට ලක්ව සිටින එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හොල්ට එළඹෙන පාකිස්තාන තරග සංචාරයෙන් ද ඉවත් වීමට සිදුව තිබෙනවා.
ශ්‍රී ලංකාව සමග පැවැති අවසන් ටෙස්ට් තරගයේ දී 20 හැවිරිදි ඔහු ටෙස්ට් වරම් දිනූ අතර, එම තරගයේ දීයි ජොෂ් හොල් ආබාධයකට ද ලක් වුණේ.
ආබාධය නිසා ඔහුට ඔස්ට්‍රේලියාව සමග මේ දිනවල පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලි ද අහිමි වුණා.
ජොෂ් හොල් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන නැහැ.
ඒ අනුව 16 දෙනෙකුගෙන් යුත් එංගලන්ත සංචිතයේ ක්‍රීඩකයින් ලබන පළමු වැනිදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිත අතර, පළමු ටෙස්ට් තරගය ඔක්තෝබර් 7 වැනිදා මුල්තාන්හී දී ආරම්භ වීමට නියමිතයි.