Ultimate magazine theme for WordPress.

“ජාතිය වෙනුවෙන් මගේ උපරිමය කිරීමට දැන් මම සූදානම්” : භානුක

තමාට දින 40ක් තුළ දී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලින් නිල වශයෙන් සමත් වීමට හැකි වූ බව ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ පවසනවා.

සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කරමින් ඔහු සදහන් කළේ ස්කින් ෆෝල්ඩ් (skinfolds) 104 සිට 71.5 දක්වා අඩු කර ගනිමින් තමා එම පරීක්ෂණයෙන් සමත් වූ බවයි.

එමෙන්ම තම බර ද කිලෝ ග්‍රෑම් 84 සිට 76.5 දක්වා අඩු කර ගත් බව භානුක කියා සිටියා.

මිනිත්තු 8.35කින් නිම කළ යුතු කිලෝ මීටර් දෙකේ යෝග්‍යතා පරීක්ෂණය මිනිත්තු 8.33කින් නිමා කිරීමට ද හැකි වූ බවයි ඔහු සදහන් කළේ.

මෙම පරීක්ෂණවලින් සමත් වීම හේතුවෙන් භානුක රාජපක්ෂ මේ වන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සදහා අවශ්‍ය සුදුසුකම් සපුරා තිබෙනවා.

“මම මෙය කළේ ක්‍රීඩාවට ඇති ආදාරය වෙනුවෙන්. ජාතිය වෙනුවෙන් මගේ උපරිමය කිරීමට මම සූදානම් බව මට දැන් හිතෙනවා” යනුවෙන් භානුක රාජපක්ෂ පවසා සිටියා.

පසුගිය කාලයේ දී තමාට සහාය දැක් වූ සියලු පාර්ශවවලට ස්තූති කිරීමට ද මෙහිදී භානුක අමතක කළේ නැහැ.

Leave a comment