ජයසූරියගේ වාර්තාව දිමුත් බිද දමයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද(9) ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී නව වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් වුණා.
ඒ, නවසීලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින අතරවාරයේ දී යි.
ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි දිමුත් මෙම ඉනිමේ දී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 50 ක්. පන්දු 87 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත්.
දිමුත් අද වාර්තා අතරට එක් වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ආරම්භක පිතිකරුවා ලෙසයි.
දිමුත් මේ වන විට ආරම්භක පිතිකරුවෙකු ලෙස ශතක 14 ක් සමගින් වාර්තා කර ඇති ටෙස්ට් ලකුණු ප්‍රමාණය 5,980 ක්.
ඔහුට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ සුපිරි පිතිකරු සනත් ජයසූරියයි.
ඔහු තරග 90 කදී ටෙස්ට් ලකුණු 5,932 ක් ආරම්භක පිතිකරුවෙකු ලෙස වාර්තා කර තිබුණේ ශතක 13 ක් ද සමගින්.