Ultimate magazine theme for WordPress.

ජපානයට එරෙහි ශ්‍රී ලංකා නැගී එන සංචිතය නිවේදනය කෙරේ

ජපානයේ සිදු කරන තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා නැගී එන සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(8) නිවේදනය කළා.

ජපන් ක්‍රිකට් සංගමය කළ ඉල්ලීමකට අනුවයි මෙම තරග සංචාරය සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේ.

සංචාරයේ දී ජපාන ජාතික කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර 20යි 20 තරග 5 ක් පැවැත්වීමට නියමිතයි.

2024 අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා ජූලි මාසයේ දී පැවැත්වෙන නැගෙනහිර ආසියා පැසිෆික් කලාපීය අවසන් තරගාවලියට සූදානම් වීමේ අරමුණින් මෙම තරගාවලිය පැවැත්වීමට ජපානය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

20යි 20 තරගාවලිය මැයි 10 වැනිදා සිට 15 වැනිදා දක්වා Sano ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

The Emerging Squad

01. Dellon Peiris – Captain
02. Sakuna Liyanage
03. Dunith Jayathunga
04. Sahil Dias
05. Ranmith Jayasena
06. Shehan Fernando
07. Yohan Liyanage
08. Sithara Hapuhinna (WK)
09. Hirantha Jayasinghe
10. Lakshan Gamage
11. Theesan Vithusan
12. Imithiyaz Slaza
13. Sithum Dissanayake
14. Harshana Wickramasinghe
15. Danal Hemananda

Leave a comment