Ultimate magazine theme for WordPress.

ජඩේජා T20 ජාත්‍යන්තර පිටියට සමු දෙයි

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා ජාත්‍යන්තර විස්සයි 20 ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඉන්දියාව 2024 පන්දුවාර විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමෙන් දිනක් ගතව ඇති පසුබිමකයි ඔහු ඒ බව නිවේදනය කළේ.

මීට පෙර ලෝක ශූරතාවය දිනා ගැනීමෙන් පසුව නායක රෝහිත් ෂර්මා හා විරාත් කෝලි ද ජාත්‍යන්තර පිටියට සමු දීමට තීරණය කළා.

අවසන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමෙන් පසුව අදහස් දක්වමින් කෝලි ජාත්‍යන්තර 20යි 20 පිටියට සමු දීම නිවේදනය කළ අතර, තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනුයි රෝහිත් ෂර්මා සිය සමු ගැනීම තහවුරු කළේ.

ජඩේජා අද දිනයේ දී සිය සමාජ මාධ්‍ය ගිණුම්හි සටහනක් තබමින් විස්සයි 20 පිටියට සමු දීම නිවේදනය කළා.

විස්සයි 20 ජාත්‍යන්තර පිටියෙන් සමු ගත්ත ද ඔහු තවදුරටත් ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කරනු ඇති.

විස්සයි 20 ජාත්‍යන්තර තරග 74 ක් ක්‍රීඩා කර ඇති 35 හැවිරිදි ජඩේජා එහිදී ලකුණු 515 ක් හා කඩුලු 54 ක් දවා ගැනීමට සමත්ව තිබුණා.

මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කළ සියලු තරග සදහා ද ඔහු ක්‍රීඩා කළා.